Monday, May 5, 2014

කවුද බුවා?


Hi මෙයාලා

ඔන්න ඉතිං පප්පත් මේ නහින දෙහින කාලේ නිකං ඉන්නේ නැතිව බොග දාන්න කියලා හිතුවා. නිකංම නිකං බොගක් නෙවෙයි. මෙතුවක් කාලෙකට මේ බොග අවකාසේ නොතිබුන ආකාරයේ බොගක් තමා දානවත් එක්කලා දාන්ට හිතුනේ. පප්පා කවදා වල කජ්ජ ගහයිද කියලා දන්නේ නැති එකේ එයිට කලින් පරලොවට පිං පිණිස මෙහෙම දෙයක්වත් කරන්ට එපැයි. හොහ් හොහ්.

ඉතිං මේ කූරියා ගහන්ට ඕන්න මෙන්න තියෙන කාලේ පප්පා අහවල් බොගක් දායි කියලද මයෙ අප්පලා හිතන්නේ?
ආයේ ඉතිං ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, දෙල්කඳ පොලෙත් නැහැ,පප්පගේ පප්පි ගාවත් නැහැ කියලා සුපිරිම ආතල් එකක් තමා බොලාට මේ පප්පා දෙන්ට යන්නේ. ඒ කිව්වේ බොලල්ලා මේ කාටුන් කෑලි තමා දාන්ට හදන්නේ.  දැන් ඉතිං ඉස්සර වගේ ලතාවට.............කලාවට..........සොබාවට...........අදින්ට කොරන්ට පප්පට අමාරුයි. අත පය වෙව්ලනවා, ඇගිලි ගල් ගැහෙනවා, හිටිය හැටියේ දත කට පූට්ටුත් වෙනවා. ඕවා ඔහොම තමා ඉතිං මේ වයසට. ඒත් ඉතිං ඔය මලක් ගහලා දිවිය ලෝකේ පෙනෙන ගානට ගිය වෙලාවට ඔය ඇගිලි බැගිලි ඔක්කෝම යස අපූරුවට වැඩ කොරනවා. ආන්න ඒ වෙලාවට තමා ඉතිං මෙව්වා ඇදෙන්නේ. එහෙමනං වැඩිය මේක උඩ ඇගිලි ඇන ඇන ඉන්ට ගෙහුං පප්පිගෙන් බැනුං අහන්ට බැහැ. මං වාස්ප වෙන්නං මයේ පුතාලා. ඊ ලග එකේ හිටං මයෙ අප්පලට බලන්ට කොරන්ට කාටුන් අරං එනකල් ඉවසීමෙන් සැනසීමෙන් හිටහල්ලා.

එහෙනං ඉතිං ඔය කොල්ලෝ කුරුට්ටෝ, කෙල්ලෝ නෑම්බියෝ ඔක්කමලා හැත්ත බුරුත්ත පිටින් වරෙල්ලා ඈ පප්පට සපෝට් එකක් දෙන්ට.